qqq

රාජකීය පෙළපතකට නෑකම් කියන රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෙතංගොඩ නැමැති වු සුන්දර වසම වත්තේගම්මැද්ද ,පෙතංගොඩ ,අතලව,උඩත්තව,බෙත්මෙගෙදර,ගැටමුරුත,හා හත්මත්ත වත්ත යනාදී ගම් 07 කින් සමන්විත වූ තරමක් විශාල වසමකි.

වසර කිහිපයක සිට වසමේ ජනතාවගේ සිත් තුළ වසමේ සියලු දෙනා එකට එක් රොක් වන වැඩසටහනක අදහසක් පැළපදියම් වී තිබිණි.එම අදහස මුදුන්පත් කරමින් 2019.02.19 වැනි දින පෙතංගොඩ පිහිටා ඇති සුවහසක් සිසු ජීවිත නැණ පහන් දල්වන ශිල්පායතනය වන පෙතංගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ දී උපහාර උළෙලක් සහ වසමේ කණ්ඩායම් 08 ක් හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් කණ්ඩායම් දෙකක් (කාන්තා/පිරිමි)ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙස කණ්ඩායම් 10 ක් අතර ජව සම්පන්න වොලිබෝල් තරඟාවලියක් පවත්වන්නට යෙදිණි.

ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රමුඛ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සුරතින් තෝරා ගත් උපහාරලාභීන් සමරු ඵලක වලින් පිදුම් ලැබීය.

 qq
 

News & Events

05
දෙසැ2025
Disaster

Disaster

Due to the severe weather conditions prevailing...

Scroll To Top