|


රුවන්වැල්ල නගරයේ අවුරුදු 15 ක නිවසක් හා නිවසක් නොමැතිව රුවන්වැලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචි වී සිටින අතර, වසර 201903/14 දින මොරවත්තේ ග්‍රාම නිලධාරි වසමෙහි ඇගේ නිවස පරිත්‍යාග කරන ලදී.
රාජකීය පෙළපතකට නෑකම් කියන රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෙතංගොඩ නැමැති වු සුන්දර වසම වත්තේගම්මැද්ද ,පෙතංගොඩ ,අතලව,උඩත්තව,බෙත්මෙගෙදර,ගැටමුරුත,හා හත්මත්ත වත්ත යනාදී ගම් 07 කින් සමන්විත වූ තරමක් විශාල වසමකි.
වසර කිහිපයක සිට වසමේ ජනතාවගේ සිත් තුළ වසමේ සියලු දෙනා එකට එක් රොක් වන වැඩසටහනක අදහසක් පැළපදියම් වී තිබිණි.එම අදහස මුදුන්පත් කරමින් 2019.02.19 වැනි දින පෙතංගොඩ පිහිටා ඇති සුවහසක් සිසු ජීවිත නැණ පහන් දල්වන ශිල්පායතනය වන පෙතංගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ දී උපහාර උළෙලක් සහ වසමේ කණ්ඩායම් 08 ක් හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වොලිබෝල් කණ්ඩායම් දෙකක් (කාන්තා/පිරිමි)ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙස කණ්ඩායම් 10 ක් අතර ජව සම්පන්න වොලිබෝල් තරඟාවලියක් පවත්වන්නට යෙදිණි.
ප්‍රාදේශීය ලේකම්තුමන් ප්‍රමුඛ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සුරතින් තෝරා ගත් උපහාරලාභීන් සමරු ඵලක වලින් පිදුම් ලැබීය.
රුවන්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2019.02.12 දින ප.ව.1.30 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.මේ සදහා කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රීනී තුසිතා විජේමාන්න මැතිණිය,හිටපු පළාත් සභා ගරු මන්ත්‍රී නිහාල් ෆාරුක් මැතිතුමා ,ප්‍රාදේශීය සභා සභාපති තුමන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ,ප්‍රාදේශීය ලේකම්තුමන්,සහකාර අධ්‍යක්ෂකවරියන් ,පරිපාලන ග්‍රාම නිලධාරි,කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා අදාළ ක්ෂේත්‍ර නිලධාරින්,ග්‍රාම නිලධාරින්,කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරින් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.

2019 මාසික ෙකාට්ඨාශ දින රැස්විමි
| අනු අංක | මාසය | දිනය |
| 01 | ජනවාරි | 29 |
| 02 | ෙපබරවාරි | 26 |
| 03 | මාර්තු | 26 |
| 04 | අෙප්‍රල් | 30 |
| 05 | මැයි | 28 |
| 06 | ජුනි | 25 |
| 07 | ජූලි | 30 |
| 08 | අෙගාස්තු | 27 |
| 09 | සැප්තැම්බර් | 24 |
| 10 | මක්ෙතාම්බර් | 29 |
| 11 | ෙනාවැම්බර් | 26 |
| 12 | ෙදසැම්බර් | 24 |
මාසික පරිසර දින රැස්විම හා මාසික කෘෂිකර්ම දින රැස්විම
| අනු අංක | මාසය | දිනය |
| 01 | ජනවාරි | 29 |
| 02 | මාර්තු | 26 |
| 03 | මැයි | 28 |
| 04 | ජූලි | 30 |
| 05 | සැප්තැම්බර් | 24 |
| 06 | ෙනාවැම්බර් | 26 |


|
අභිමානවත් 71 වන නිදහස් දිනය සැමරීම වස් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන,දේශපාලන අධිකාරිය,ප්‍රජා මූලික සංවිධාන හා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් හා විචිත්‍රවත් අන්දමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී 2019/02/04 වන දින පැවැත්වු වගයි. ජාතික අභිමානි හැඟුම් ජනිත කරවමින් වැන්දල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තුමා උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත් වූ අතර කාර්යාලයීය නිලධාරින්ගේ ජාතිකාභිමානි නර්තනය පැමිණි සියල්ලන්ගේම නෙත් සිත් පැහැර ගත් අංගයකි. දේශනයේ ඡායාරූප,නර්තන අංග ඡායාරූපරුවන්වැල්ල කොට්ඨාශය සිංහල, දමිළ ,මුස්ලිම්,බර්ගර් යන සියලු ජාතීන්ගෙන් සමන්විත බහු සංස්කෘතීන්ගෙන් සන්නද්ධ වු ප්‍රදේශයකි.එම කරුණ සාක්ෂාත් කිරීමට මෙන් සාම්ප්‍රදායික වෙස් නර්තනය,භරත නර්තනය,හා මුස්ලිම් ජන නැටුම් ආශ්‍රෙයන් නිර්මාණය වු සියලු සංස්කෘතික අංග සම්මශ්‍රණය වු නර්තනාංගය ඉදිරිපත් කරන ලද්දේ රුවන්වැල්ල සහිරා මුස්ලිම් විද්‍යාලය,කෛලයිවානි දෙමළ විද්‍යාලය හා රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේ දරු දැරියන්ගේ දායකත්වයෙනි. සියල් සංස්කෘතීන් කැටි වු මෙම නරතනාංගය කාගේත් නෙත් සිත් පැහැර ගත්තා සේම ඒ තුළින් ගම්‍ය වුයේ ජාතීන් අතර වු සහෝදරත්වයයි. 2030 වන විට ඉගෙනුම ලබන සියලුම දෙනා සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරිම සදහා වු දැනුම සහ කුසලතාවයන් ලබා ගෙන සිටීම .අධ්‍යාපනය,ජිවන රටාවන්,මානව අයිතිවාසිකම් ,සාමය.සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සංස්කෘතියක් ප්‍රවර්ධනය කීරීම ,ගෝලීය පුරවැසිභාවය සහ සංස්කෘතික විවිධත්වය ඇගයීම යන සහශ්‍ර සංවර්ධනඉල්ක්කයන්ට ළඟා වීමද අරමුණු කර ගත් 71 වන ජාතික නිදහස් දින උත්සවය අභිමානත් වූ බව නම් විද්‍යමාන වු සත්‍යතාවයයි. 71 වන නිදහස් දිනයට සමඟාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ දැනුම මිනුම තරඟාවලියේ ජයග්‍රාහකයන් හට ත්‍යාග හා සහභාගීත්ව සහතික ප්‍රධානය ද පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් සිදු කිරිම ද විශේෂත්වයකි.
|
















